Friday, July 2, 2010

2:59 PM

අකුණට හිතුණා

අකුණ ට හිතුනා වැකේශන් එකේ ෆන් එකේ ඉන්නවට වඩා වැදගත් දෙයක් කරන්න.අකුණට ඉතින් පොතක් අහු උනොත් ඊට වඩා දෙයක් නෑ.අකුණ ගෙ අම්මා නම් කියන්නේ උඹ නම් ගිය ආත්මෙ කාවෙක් වෙන්න ඇති කියලා.අහු උනා නියම පොතක් චතුරාර්ය සත්‍ය කියලා.ඉතින් හිතුනා බ්ලොග් එකට කොටන්න.







**********

මෙ ලිපිත් කියවලා බලන්න...


Monday, June 28, 2010

4:59 PM

සිහිනයක්ද?

අනෝරා වැස්සේ අද මා තනියම බස් නැවතුමට වෙලා..ඉස්සර නම් ඇය සමග එක කුඩයක් යටට වෙලා ඇවිදන් ගිය පාර දිහා බලාගෙනම අද මා බස් නැවතුමෙ තනිවම.
ලෝකයම හිස් වෙලාද?
ඇයි ඇස් වලින් කදුලු එන්නේ?
තවත් කදුලු ඉතිරි වෙලා?
පොත් බෑග් එකත් කරට දා ගත්තේ බස් නැවතුමෙන් පිට වෙන්න ද නැතිනම් කදුලු මකන්නද හිතට තේරුම් ගන්න බැරි උනා.ඇවිදන් ගියේ තද වැස්සේ උනත්.
ඇස් දෙක විවර වන විට යහනක් මත වෙලුම් පටි දමන ලද පාදයක් සමග.සිදු වූ දෙය පැහැදිලියි.
මුලු ලෝකෙටම වඩා ඔයාට ආදරෙයි පැටියෝ කියපු ඇය අද දුරස් වෙලා.අතීත සොදුරු මතකයන් එක්ක මං රෝද පුටුවක.
ඇත්තටම ආදරය පෝසත් අයට විතරමද උරුම...?

Monday, June 14, 2010

2:31 PM

එක්සෑම් පෙර සූදානම......

එක්සෑම් පටාාාාන් ගන්න තව දවස් දෙකයි. අපේ කස්ටිය එකෙක් වත පේන්න නෑ.සමහරු කැන්ටිමට වෙලා යමරෙට වැඩ. සමහරු ලැබ් වලට වෙලා නෝට්ස් බානවා.අනේ ඉතින් සේරටම මෙව්වා මතක් වෙන්නෙ එක්සෑම් කට උඩට ආවම තමයි.පිස්සු හැදෙනවා මෙ දකින ඒවට.දෙයියනේ කියලා මාත් ලියනවා නෙ එක්සෑම් එක.වෙනදා වගේම මම වැඩ සුට්ට full fun එකේ කරලා ලියන්න තියන subjects ලියනවා

Saturday, June 12, 2010

12:30 PM

කට කහනවට...

අස්ථිර වූ ස්ත‍්‍රී චින්තනයක් තුලින්
ස්ථීර වූ පරම පිවිතුරු පේ‍්‍රමයක්
බලාපොරොත්තු විය හැකි නම්
පුත්තලමෙද ගෝවා වගා කල හැකිය